
24 Feb 39. පිටරට විස්තර මෙව්වා
පිටරට විස්තර මෙව්වා
අහගෙන ඉන්න ඔයාලා
දෙවරක් හිතලා බලලා
යන්නලා හිතලා ඔහෙලා
ගමේ තියන ඉඩන් ගෙවල් උගස් තියාලා
යන්න හදනවා පිටරට මිල්ල සොයාලා
සිලිං පවුම් ඩෙලර් යුරෝ වලට රැවටිලා
දිවි දෙනවානේ කන්ටේනර් ඇතුළට වීලා
බෝට්ටු වල මුහුදු මැද්දේ මරුව සමග පොර
කඳු පල්ලම් කැළෑ මැදින් ගමන භයන් කර
වටිනා ජීවිතේ එක්ක කරනා සෙල්ලම
මඟ මැරුනම වග කියන්නේ කවුද කියන් සඳ
පිටරට විස්තර මෙව්වා ……….
ගෙදර ටවුමේ හංදි ගානේ රවුම් ගහන සැප
ගන්නට බැහැ මෙහේ ආවොත් ආතල් හැම විට
ජීවිතේ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
හිතල බලලා එන්න ඇත්ත කිවුවා හනිකට
උලූප්පලා බොරු සෝබන කියනවා මේ අය ද
ආවම දැන ගන්න ලැඛෙයි විඳිනා මර දුක
විඳුමට හැර විපාකයට යන්න එපා රට
රැවෙටන්න එපා රට ඈයෝ කියන බයිලා වට
පිටරට විස්තර මෙව්වා ……….