19. මාගේ පැලේ අඳුර මකන්න

මාගේ පැලේ අඳුර මකන්න
හිතෙනවා මනාලියක් ගෙනෙන්න
නිවසේ පුර එළිය කරන්න
මට විනෝදයෙන් කාලෙ ගෙවන්න

උපන් රටින් අ`ගලක් නැත මගේ කියන්න
මම අසරණයෙකි අතරමං වුණ
ඔය ඉරහඳ දෙකටත් බැරිවිය අඳුර නසන්න
මම තරුවක් වෙමි අහසේ පාවෙන

රූප රැුජිනියෝ කුමරියෝ මම සොයන්නේ නෑ
ඉඩම් කඩම් මම බලන්නේ නෑ
ඔය කුලමල දෑවැදී කිසිවක් මම සොයන්නේ නෑ
ගුණවත් ලලනාවක් තාම දැක්කේ නෑ

මගේ පැලේ ඇඳ පුටු නැත සැපට සිටින්න
නැත සිනිඳුසේල හැඩට අඳින්න
ඔය රන්මිණි මුතු මාල වළලූ නැත පළදන්න
මාව දුප්පත් බව නිතර සිතන්න