
13 Jan 25. සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා
සඳක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා
නෙලූම් මල් පිපුණු දෙවැට දිගේ පාසැල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගේ බාලේ
විවේකයක් ලද වියදී අපි දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගේ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසැලේ වැඩට අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක්…… තවත් වරක්…… මට පාසැල් යන්නට
ලැබුණොත් මම යනවා
ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණා සේ මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ රැඳුනේ නෑ මාහට අද මට දැනෙනු වගේ
තවත් වරක්…… තවත් වරක්…… මට පාසැල් යන්නට
ලැබුණොත් හරිම අගේ
නෙලූම් මල් පිපුණුු ……….