45. අයිරින් ජොසලින් රොසලින් ඇනජලින්

අයිරින් ජොසලින් රොසලින් ඇනජලින්
අතරින් පතරින් නටයිද කැතරින්
පියානො බැන්ජෝ ටැමරින් මැන්ඩලින්
වයලින් වයලින් ලෝකෙ නොනැසෙන වයලින්

වියෝලේ මා සනසන වියෝලේ
වියෝලේ ඔබ මගෙ අතෙ මෙවේලේ
ඔබේ මිහිරි නදට නිදැල්ලේ
නැළවේ ළදරුවො රන් තොටිල්ලේ
වියෝලේ ඔබව නෑ මා හැරගියේ
සංගීත සාස්තරේ කුමාරියේ
විනෝදේ ඔබගේ සුරලියන්නේ
වියෝලේ වියෝලේ මාගේ – වියෝලේ වියෝලේ මාගේ

අයිරින් ජොසලින් ……….

ගේනා නාදෙට දෙව් සුර ලියන්
ඇසුවානේ ගුත්තිල පණ්ඩිත වට කරන්
නිරිඳුන් බිසෝවරුන්ද මනුදනන්
ආවානේ ඔඛෙ තරෙඟට දුර සිටන්
මිහිරි ගීත නාද ලියන්ගේ
ඇසිලා සිත් වැඳුණා කුමර දනන්ගේ
නාදේ මහළු වුණත් අනර්ගේ
වියෝලේ වියෝලේ මාගේ – වියෝලේ වියෝලේ මාගේ

අයිරින් ජොසලින් ……….

බාලෙදි ඔබට බැන්ද ආදරේ
මේ කාලේ සිට සිතෙන් මාගෙ නොම හැරේ
සිතේ ඇතිවෙන දුක් කරදරේ
ඔබගේ එක තාලයකට මඟ ඇරේ
මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද මට නලාවේ
හමුවෙමු අපි දෙන්නා සුවර්ගේ

වියෝලේ වියෝලේ මාගේ – වියෝලේ වියෝලේ මාගේ //