07. උඩරට නිළිය හැඩ වගේ

උඩරට නිළිය හැඩ වගේ
රතැඟිලි ඇගෙ සැලෙන හැටි අගේ
මල් පැණි බොන්නට පොරකන
මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ

සිංහල ජාතියට ගරු සරු
ලබා දෙවන උඩරට නිළිය
ඔබෙ සියුමැලි මඳ සිනාව
රන් පැහැ දෙතොලට ඉනාව
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ

බෙර පද තාලයට පා තබා
නරඹන්නන් මන් මත් කරවා
සොඳුරු නිළිය අපෙ නාලිය
උඩරටටම හැඩ කාරිය
ඇගෙ රතැඟිලි සැලෙන හැටි අගේ