
13 Jan 20. ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ
තවමත් මගෙ මතකයෙහි රෑඳේ
නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ
කුමක් කියන්නටද සැරසුනේ
කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා
කෙලෙසද මා එය දැනගන්නේ
කවදා කොයිබද යළි හමු වේවිදැයි කියා
පැනයකි මා සිත පාරන්නේ
කැටි කොට ගුවනට මුසු කොට මගේ රස හැගුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගේ දෙනෙතට ඔබ හමු වේ නම්
එදින නැවත මා හිනැහෙන්නම්