08. ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ

ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කාගෙන් වාගේ
මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ

පහළ කුඹුරේ නිල් ගොයම් දැන් හරිම සරුසාරයි
වැසි වැටී වැව් ළිං පිරිලා හරිම සිරියායි
තවත් ආරංචි ගොඩයි ලියන්නට ලැජ්ජයි

ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැක ගන්නයි
කාලෙකින් මෙහෙ ආවෙ නෑනේ වැඩත් වැඩි වෙන්නැයි
ළඟදී එනවා නම් හොඳයි නිවාඩුය දැන් දැන් ළඟයිි