17. නියරේ පිය නඟලා

නියරේ පිය නඟලා
මැණිකේ ඔබ දුර එනවා
දැකලා වෙහෙස නිවී
සිත පිරුණා හද සෙනෙහස දැනුනා

රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ
රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ
ආදරේ දැනී මා හද සෝසුසුම් නිවේ
වාසනාව පා වෙලා ගියා

නියරේ පිය න`ගලා ……….

සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා
සෑමදා මෙසේ එනු මැන මල් සිනා සලා
ආදරේ දැනී මාහද සෝ සුසුම්
නිවේ වාසනාව පා වෙලා ගියා

නියරේ පිය න`ගලා ……….