
13 Jan 22. නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුලෙන් රුවල් දමාලා
බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගගුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා
සුරංගනා ලෝකෙ සොයාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා
සුරංගනා ලෝකෙ සොයාලා
සුරංගනා ලෝකෙදි මම සුළගක් වීලා
ඔබ නළවමි පවන් සලාලා
පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා
සුවඳ එවමි සුළගෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුං ගාලා
මම සමනලයෙකු වාගේ සැරසිලා
සොඳුරු සමනලා එනකල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා
නෙළුම් මලේ ……….
මැණික් කැට රන් පෙරලන පහළ ගඟ ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන්වන් පාටින් දිළෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මටත් හරි හිතයි එහෙනම් අල්ල ගන්නවා
මම රිදී දැළක් වාගෙ මැවෙනවා
ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා
නෙළුම් මලේ ……….