
24 Feb 37. පියමැන්නේ ඇයි ද එසේ රිදවා
පියමැන්නේ ඇයි ද එසේ රිදවා….. ලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ – මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා
සදා මේ සිහිනේ……
සිව්මැලි ඔඛෙ වත රැඳි ඒ දෙකොපුල කී කථා
ඇසේ සවන් පුරවා මගෙ දෑනේ
අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳී ඒ රූ රටා
මැකී ගියා රැල්ලේ විසල රෑයේ……
සිත ගත්තේ නැතුව නොවේ
සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
හඳ අරණේ රැඳුණු සෙනේ
පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
සැමදා ඒ සෙනේ සතු වේවා සදා…….
සිව්මැලි ඔඛෙ වත ……….//