
13 Jan 13. පුල්ලි ගොනා පුරුදු කාරයා
පුල්ලි ගොනා පුරුදු කාරයා
මම ජෙමා කරත්ත කාරයා
මේකයි මගේ බරබාගේ
පැයට සතපුමයි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා
වේගෙන් යන කාර් ලොරි තිබේ
මගේ පනම් හතර මට ලැබේ
මේකයි මගේ බරබාගේ
පැයට සතපුමයි වේගේ
ඔහෙලා හඳට යන්න හදනවා
කොළඹ විදී තදබද වෙලා ඇත්තේ
වාහන ඒ තරම් තියෙනවා
මම රිංගුවේ නැත්නම් ඔය අස්සේ
මගේ බඩට පහර වදිනවා
ටැක්සි කාරයෝ වෑන් කාරයෝ
එයාලා තමයි හරිම වීරයෝ
මම හන්දලූ පාරේ නිතර තදබදේ
මට බැන්නම මමත් බනිනවා
පුල්ලි ගොනා ………
ඉනට ඇන්දේ කබල් සරම බැනියමයි
ඔළුවේ බැඳපු පට ලේන්සුවයි
මගේ කටට පුල්ලිය නම් හරි බයයි
මම දරුවෙකුටත් වැඩිය ආදරෙයි
බඩු අදිනවා ගෙයකින් තව ගෙයකට
වැලි ගෙනාවේ බංගලාවට
පොල් විකුණන පොඞ් සිඤ්ඤා අයියට
වැඩ කරන්නේ දවසේ පඩියට
පුල්ලි ගොනා ……….