30. පෙම් ලොවේ සහනය මට දීලා

පෙම් ලොවේ සහනය මට දීලා – පෙම් සුවේ මා සිත රිදවාලා
ළංවෙලා ඉන්නකෝ – මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා
වෙන්වෙලා ඔබ මා රිදවාලා- යන්නෙපා මා හට පිටුපාලා
ලංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ
මා ඔබෙන් මිදිලා

මා ආදරෙයි ඔබ කී මුල් දිනේ – ඒ මතකේ නෑ මැකී ගියේ
මේ ජීවිතේ නෑ සන්තාපේ – මිහිරි අපේ ආදරේ

ඒ වාගේමයි තාමත් සිතේයි – මා සැනසූ ඒ ආදරේ මේ ආදරේ
මේ පෙම් ලොවේ – සනසයි අපේ ජීවිතේ

පෙම් ලොවේ ……….