
24 Feb 36. මතකය ඇසුරෙන්
මතකය ඇසුරෙන් සිහියට ගන්නට නිරතුරු වෙහෙසුනෙමී
මට පමණක් එA පින නැත්තේ ඇයි නිරතුරු වැළපුනෙමී
අම්මා ……….
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී
ඉස්සර දවසක උදෑසනම ඔබ මා නළවන්න ඇතී
මා හඩනාවිට දුක ඉපදී මට ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද මුව සිපගන්න ඇත
ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇතී
අම්මා ……….
අම්මා යැයි කීමට කෙනෙක් නොමැත සොයමී
පැහැදිලි නැති එක ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමී