
13 Jan 16. මම ටැක්සි කාරයා
මම ටැක්සි කාරයා මම ඇරලා යන්න හරිම සූරයා
කව්ද මිත‍්‍රයා මම නෙදන්න කොළඹ හාදයා
මම කොළඹ හාදයා මම ටැක්සි කාරයා
මම ඇරලා යන්න හරිම සූරයා
මම ටැක්සි කාරයා මම කොළඹ හාදයා
මේ මම නොදන්නෙ කව්ද මිත‍්‍රයා
චිත‍්‍ර පටිය ?ට ඇරෙන වෙලාවේ සද්දේ ඇසෙයි මගේ කාරෙකෙ නළාවේ
මම දාන්නේ නෑ කෙනෙකුව මුලාවේ කොයි කවුරුත් මා සමඟින් හිනාවේ
දහයෙන් පසු ඩබල් එකට කඩන්නේ දන්න අයට එහෙම නැහැනෙ කරන්නේ
ගිඩි ගිඩි ගා මීටර් එක වැටෙන්නේ සමහර අය මට බැනලයි බහින්නේ
ලෙඩා අරන් රෝහලකට යන්නට දොස්තර මහතාව කැඳවන් එන්නට
මෙන්න මෙවැනි වැඩක් කරවා ගන්නට භාර දෙන්න උවමනාය මේමට
දුප්පත් පොහොසත් කාටත් එක වගේ සේවය හරියට ඉටු වෙයි මේ මගේ
වෙරිකාරයෝ දැක්කම පන ගැහෙන්නේ යනගමනත් භයෙන්තමයි යැවෙන්නේ