23. මල් බර හිමිදිරියේ කොයිබඳ සමනලියේ

මල් බර හිමිදිරියේ කොයිබඳ සමනලියේ
යන්නේ හිරු එළියේ කියන්න සියුමැලියේ

සීතල මඳපවනේ මම මල්ගොමු වෙත යන්නේ
මා සොයමින් එන්නේ මගෙ පෙම්වත හමුවන්නේ

මීමැසි බඹරුන් පරදා හැර මම ඔබ වෙතටම දුවමි
ලා හිරුරැස් මැද බබලන ඔබෙ අත්තටු මම සිප ගනිමී

රන්තරු මුතුවැල් කිරුලක් සාදා ඔබේ හිසේ තබමි
රන් විමනක් මැද ඔබ වෙනුවෙන් පෙම් රජ දහනක් මවමී

මල්පෙති අග රැඳි පිනිබිදු එක්කොට ඔබෙ මුව පිරිමදිමි
මල්වල රොන්ගෙන පෙම හා මුසුකොට රසකර එය පොවමි

මල් අතරින් මම හොඳම මලක් ගෙන ඔබ වෙත එය පුදමි
ඒ සැමටම වැඩියෙන් අගනා මගෙ හදවත ඔබට දෙමි

සිරිබර හිමිදිරියේ ආසිරි පැතිරෙන්නේ
මල් පෙති විසිරෙන්නේ ගී හඩ මුසුවන්නේ

කොවුලන් නද දෙන්නේ සමනල කැළ ඉගිලෙන්නේ
අප සිත පිනවන්නේ පෙම් සම්පත ලංවන්නේ