21. මාගේ පාසැල් කාලය – සිහි වෙනවානේ සැමදින

මාගේ පාසැල් කාලය – සිහි වෙනවානේ සැමදින
ඇයගේ සුරතල් ආලය – රෝස මලක් වාගේ පෙණුනා නේ මට

මං පොඞ් කාලේ – මාව දැම්මා පාසැලේ
ඉගෙන ගෙන වැඩුනි මගේ මොලේ
පාසැලේ පන්තියේ කොල්ලෙක් වැටුනා මගේ දැලේ
මා ගැයු පෙම් ගීත ඇසු කලේ

මහ පාරට පැමිණ – මම ඇයව බලන්න
සිටියා පොත් මිටිය අරගෙන මුණ ගැසුන තැන
අපි නිතර කතා කරමින ගියා දෙදෙන පාසැල් යන්න

මෙන්න මෙලෙසට අපි ගියේ පැසැල් යන්න ඇය පණ වගේ ආදරෙයි මට
මම ඇගේ ගෙදරට ගියේ ඇයව බලන්න නමුත් දෛවේ නෑනේ අප හට
මේක දැන ගෙන අපේ අම්මා මට බැණ වෙන පාසැලකට මාව දැමු තැන
මම කඳුළු සලමිණ සිටියාය දුක් විණ ඇය ගැන කල්පා කරමින

මාගේ පාසැල් කාලය ……….

මිතුරෙක් ආවා ඔහු මෙලෙසට කීවා ඔයා නැතුව කෙල්ල හඩනවා
මම දැම්මම යනවා මගේ කෙල්ල හඬනවා ඇසුවම මගේ පපුව පැලෙනවා
ලිපියක් ලැබිලා මම බැලූවා කියවලා මේ විදිහට තිබුණා ලියාලා
ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා ඇවිත් යන්න මාව සනසලා

මාදං කැලේ මම ගියා කළුවරේ බලන්න කුමාරිය බොලේ
මිනිසුන්ව දුටු කලේ අවුල් වුනා මගේ මොලේ කුමාරි මැරිලානේ අතු පැලේ
එම ලිපිය අරගෙන නැවත කියවා බැලූතැන ඇය මැරෙනා බව ලියා තිබුතැන
සැමදාම දුක් වුණා නිතර කඳුළු වගුරුන අඳුරු ලොවක මාව තනි වුන

මාගේ පාසැල් කාලය ………..