03. මාමේ අපෙ කළු මාමේ

මාමේ අපෙ කළු මාමේ කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ කුඹුර කොටාලා එනවානේ

බුලත් කොරටුවේ වැට දැන් දිරාලා
බැලූවෙ නැද්ද ඒ ගැන ඔබ සොයාලා
එක ළඟින් සිටුවලා ඉණි පැල අළුත් කරවලා
සිරි බර බුලත් කොරටුවක් නැතුවද වවන්නේ

මංගො නැන්දා ගැන නැහැ ඔහු සොයන්නේ
පැනලා ගියත් දුව ගැන නෑ තැවෙන්නේ
එක සිතින් සිත සදා සැනසෙන
අනුන් ගැන සොයා නොතැවෙන
තමන් ගැන සොයා සැනසෙනවානේ

මාමේ අපෙ කළු මාමේ ……….