
19 Feb 01. මී වදයකි ජීවිතේ
මී වදයකි ජීවිතේ මී පැණි පිරිලා ඇතේ
මත් වීලා ගුම් ගුම් නද දීලා සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමු තුඩින් තුඩට රොන් ගමු
ලියන් තමා රස ඉතිරෙන මල් වැල් ඔවුන් සොයාගෙන යමු //
මී වදයකි …………..
හිරු නාවාදෙන් සඳ ගිලූණාදෙන් ඉන්නා ටික කාලෙදි
රසට රසක් දී මිහිරට එක්වී අපි වෙමු මී මැසි පොදි
මී මැස්සෝ ඔබයි මමයි මී මැස්සියෝ ළඳුන් තමයි //
මී වදයකි …………..
ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි සිරිබර විසිතුරු ලොවේ
දකින දැකුම් සිත වසඟ කරාලයි දෑසට දේ රස සුවේ
සන්තෝසෙයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි //
මී වදයකි …………..