32. යන්න රට වටේ එන්න මා ප‍්‍රියේ ලස්සන ශ‍්‍රී ලංකාවේ

යන්න රට වටේ එන්න මා ප‍්‍රියේ ලස්සන ශ‍්‍රී ලංකාවේ
සිගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේ
කන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයි
මල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ //

ලා ලලල ලා ලා ලා කලා වැවේ හඳ පානේ
ලල් ලල් ලලල් ල ලා තුන් සිංහලේ
ලා ලලල ලා ලා ලා ලා තිසා වැවේ වැව රවුමේ
ලල් ලල් ලලල් ල ලා තුන් සිංහලේ

ගමයි පන්සලයි වැවයි දාගැබයි සිංහල පොළව මගේ
ලස්සන ශ‍්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ
දේව මන්දිරේ කදිර කෝවිලේ ඝංඨා නද පැතිරෙන්නේ
ලස්සන ශ‍්‍රී ලංකාවේ මේ රන් දිවයිනේ