46. රුල්ලේ කිරි වැල්ලේ හාදු දේවී

රුල්ලේ කිරි වැල්ලේ හාදු දේවී
ජිවනයේ ප්‍රේම මැණික් පෑදේවී

ප්‍රේම අමා පානේ මුව බේරේවී – ලෝකෙම මා පාමුල මෙන් තේරේවී
මැණිකේ ලැබුණි මාගේ පෙර පිනකින් වාගේ

ඔළු නෙළුම් මානෙල් මධූ සංයෝගේ – විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ

රුල්ලේ කිරි ……….

කියන්න කියන දෙයක් ඇයිද ඉන්නේ තාම බලා
නොදන්නවාද සිහින ලොවෙදිත් මා ප්‍රේම කළා
ගම්මානේ පෙම් සිහිනේ පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ

අසරණ කෙල්ලෙකි මා කුල සිරිතට දෙන්නෙ නැතී
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇතී
දැනගෙන රහස අපේ – කෙකටිය කැකුළු පිපේ //

ඔළු නෙළුම් මානෙල් මධූ සංයෝගේ – විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ

රුල්ලේ කිරි ……….

හැම ඇඟ ලේ බිඳුවෙම සොඳුරිගෙ මල් මුහුණ තිබේ
මිණි මුතු කුඩු වාගේ ඔය පා දුවිල්ල ඔබේ
ගම්මානේ පෙම් සිහිනේ පෙම් සිහිනේ
එළිවෙන්නේ ගම්මානේ //

කපන්න බැහැ බැස යන වතුර පාර දෙගොඩ තලා
බිඳින්න බෑ අපගේ ප්‍රේම බැම්ම අකුල් හෙළා
එක හිත ඔඛෙයි මගෙයි – අහසයි සඳයි වගෙයි //

ඔළු නෙළුම් මානෙල් මධූ සංයෝගේ – විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ

රුල්ලේ කිරි ……….