
13 Jan 29. ලියතඹරා…. මුදු කුසුමකි ඈ
ලියතඹරා…. මුදු කුසුමකි ඈ
තවුසන්ගේ…. දැහැනේ සම බිඳිනා
නෑ ලෝකේ ජීවේ ඇයයි
නෑ ලෝකේ ජීවේ ඇයයි //
මායාව මායාව ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරේ පාවෙනා
වීණාවේ තත් අතරේ මුදු ස්වරේ ඇයමයි
මා හදට රස ගෙනෙන මධුවිත ඇයයි
ලියතඹරා මුදු……….
මිරි`ගුවකි මිරිගුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිගු දැලකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවේ වැලි කතරේ දිය බිඳ ඇයයි
ලියතඹරා මුදු ……….