31. සිත සැනසුම දෙන්න සදා

සිත සැනසුම දෙන්න සදා
තනිකම නොදැනෙන්න කියා
මහ බඹු මට මැවුව එයා
හමුවෙනතුරු ඉන්නේ බලා

ඔබ ඉන්නේ කොහෙද කියා – මම සොයනවා ලෝකේ පුරා
ඔබ දවසක ලැබෙන තුරා – යනවා ආදරේ සොයා

ලස්සන ලෝකයේ…. මට හිමි ආදරේ….
සොයමි ජීවිතේ…. පාළු මකා…..
මල් මල් මාවතේ….. ආදර රන් ලදේ…..
ඔබ ලැබෙනා තුරා…. මා ඉන්නම්…..

දුර ඈතද ඉන්නේ ඔයා – මේ ළ`ගමද ඉන්නේ බලා
මා ගයනා ගීය අසා – ඔබ එයිදෝ මාව සොයා

ඔබ ඉන්නේ……….
ලස්සන ලෝකයේ……….//