
13 Jan 06. සිලි සිල සීතල ඇල්ලේ
සිලි සිල සීතල ඇල්ලේ ……….
දිව සැලි සැලි යයි නැලැවිල්ලේ
නැහැවෙමු මේ කඳු නිල්ලේ
අපි ඔන්චිලි චිලි ඔන්චිල්ලේ
මිහිදුම් සළුවේ දැවටී නැලවී
ලාදලූ තේ පඳුරේ
හිමිදිරි සීතල කඳුකරයේ
හමුවෙමු අපි දෙන්නා
සිලි සිල සීතල ඇල්ලේ ……….
නිල් තණ පලසේ පිණිකැට දිලිසේ
මුතු පාවඩ අතුරා
සිතුපෙම් මෝහන රජ දහනේ
හමුවෙමු අපි දෙන්නා
සිලි සිල සීතල ඇල්ලේ ……….