38. සිහින ලොවක් දුටුවා මතකයි

සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොව්න් ආවා මතකයි //

සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර ෂ තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුනා මතකයි

සිහින ලොවක් …….

අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳ
ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි

සිහින ලොවක් ……….//