12. සිහින ලොවේ මිහිර මැයූ මාලී

සිහින ලොවේ මිහිර මැයූ මාලී – සිනහ නඟයි ඔබයි මනාලී
දසන් විඳා සුර කෙල්ලක් වාගේ – කෝමලී මා ර`ගන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ – රස සිහින පැතුම් ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ – ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගේ අමර ලෝකේ – රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ
මහඳ මන්දිරේ සාමේ – ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප‍්‍රියාවී

සිහින ලොවේ ……….