
13 Jan 34. සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ
අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ
තනි වන විට මා සමගින්
ඉගි කර අදිමදි කරමින්
තනිවෙමු සොඳුරියෙ අපි සැනසිල්ලේ
රන් තරු වටකර පායන සඳ ඇඳි සෙවණැලි සිතුවම් රෑ
සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන් නෑ
අඩවන් වූ දෙනතින් ඔබ බැලූ කල මගෙ සිත ඉවසුම් නෑ
කුමරියෙ ඇයි ඔබ තනියම සුසුමන් පෑ කුමරියෙ ඔබ අද මා ළග නෑ
සුදු ඇඳුමින් සැරි ……….
ගංතෙර ළග බට පඳුරෙහි සිරි සිරි හඩ මත සිහිලැල් පෑ
කුළුදුල් ආදර හැගුමන් විසිරෙන් නෑ
පාසල් යන ඔබ මාවත සිහිවන විට මට ඉවසුම් නෑ
මගෙ සිත තනිවම දොඩවයි සම`ගින ඈ
කුමරියෙ ඔබ අද මා ළ`ග නෑ
සුදු ඇඳුමින් සැරි ……….