44. සුමිහිරි පානේ පදමට ගහලා

සුමිහිරි පානේ පදමට ගහලා
හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා //

නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේ
මැරුණුදාට කොෆින් එකේ අපි නිදියන්නේ //

හොඳට ජොලි කරපං
සුමිහිරි පානේ //

සොඩා නොදා විස්කි බ්‍රැන්ඩ් ගහපන් මල්ලී
කළු කෙල්ලයි සුදු කෙල්ලයි එයි අතෙ එල්ලී //

හොඳට ජොලි කරපං
සුමිහිරි පානේ //

Play the devil with the bottle freedom in the bar
When you broke don’t worry sell your lovely car //

හොඳට ජොලි කරපං
සුමිහිරි පානේ //

Drink on Sunday – Eat on Monday
Dance on Saturday – die on only day //

හොඳට ජොලි කරපං
සුමිහිරි පානේ //