
24 Feb 41. හා… මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඩ නඟා
හා… මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඩ නඟා
මැණිකේ නිසයි ගම දිලෙන්නේ තවත් හැඩවෙලා
ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය ඔඛෙ රුව හන්දා….
පැල් කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා….
කණට කරට රන් අභරණ මුතු මාලය පට සේලය මට නැතිහන්දා….
මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා….
හා…. මල් පිපෙන්නෙ……….
අහල පහළ නිලෙමලාට ටිකිරිලාට ගෙදර අයට බොරුවක් කියලා….
ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා….
උදේ හවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ මම නැවතී ඉන්නම්…
පෝය දාට වන්දනාවේ නුවර යන්න එන්නම්….
ගමේ උපන් සිරියාවිය ………..
හා…. මල් පිපෙන්නෙ………….