
13 Jan 10. ජීවිතේ තරුණ කාලේ එක සේ නොරැඳේ
ජීවිතේ තරුණ කාලේ එක සේ නොරැඳේ
සොයමී සෑම වේලේ සිතු දේ පැතු දේ //
ආදර රසේ සිතු සේ ලබන සේ
බඹරා බමන සේ යම් මං නිදහසේ
සතුටයි දුකයි එක සේ දැනෙයි
අනන්ත සුන්දර දිවි මල් උයනේ
රෑ ගවදුරු දිලෙනා පහන සේ
බාධා මැද මෙසේ බලමින් ලොව රසේ
අහසයි බිමයි නිවසයි මගේ
හෙටක් කෙරේ නෑ විශ්වාසේ