
13 Jan 15. මාස්ටර් සර්
පනම් අටෙන් මට වැඩි කර දුන්න
හැකි වුනත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ
අනේ සර් අනුකම්පා නොසිතේදෝ
අප අතරේ කඹ ඇදිල්ලේ තරෙඟ් මේ
නිම වෙන්නට කල් ගතවේදෝ
අනේ සර් අප මිතුරන් වේදෝ
එදා දවස උදා වේවිදෝ
මට මතක් වෙනවා සුද්දා තැලූ පෙලූ හැටි
අපි කථා කලේ පණ ගැහි ගැහි දනින් වැටී
මාස්ටර් සර් මගේ හිමිතැන මට දෙන්න
අනේ සර් කරුණාවෙන් සලකන්න