33. මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ

මුහුදු රැල්ල ඔස්සේ ඔරුවක් පැද යනවෝ
නිම් වළල්ල ඔස්සේ ගෑවි ගෑවි යනවෝ
ඈත දියඹ සොයලා ඉව කරමින් යනවෝ
ඈත මෑත බලලා අපි මාළු බාල එනවෝ

ඔරුව පැදලා යන්නේ රෑට නිදි මරන්නේ
දරුවො අඹු රකින්නේ අපි මාළු බාල එන්නේ //

මුහුදු රැුල්ල ඔස්සේ ……….

දෑත සවිය ගන්නේ ඔරුව පැදල යන්නේ
වෙරළ දුර පෙනෙන්නේ අපි මාළු බාල එන්නේ //