
24 Feb 38. සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොව්න් ආවා මතකයි //
සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ
ආදර බර උණුසුම මතකයි
ඉර ෂ තරු කැට පායන මිහිපිට
ආදරයෙන් බැඳුනා මතකයි
සිහින ලොවක් …….
අප හදවත් ඒ නොමියෙන ලෙස බැඳ
ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව
ඔබ රහසේ කීවා මතකයි
සිහින ලොවක් ……….//