
24 Feb 40. දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔඛෙ රුව
දෑස පියාගත් කල මට මැවෙන්නේ ඔඛෙ රුව
ඈත කඳුකරෙන් එන නල ගෙනෙන්නෙ ඔඛෙ හඩ //
කුමාරියේ…. අමතක නොවේ – ලස්සන රුවේ සිත සැනසුවේ
අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම් වලල්ලේ නෙත් රැදවුනු මොහොතේ //
සිත කැළඹුනේ ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක් ද මට සිතාගන්න නොදී
දෑස පියාගත් ……….//
රළින් රළ හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැලි පිපිලා //
මතකය මගේ අවදි වුනේ
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොදී
දෑස පියාගත් ……….//