04. මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ

මංගෝ කළු නැන්දේ මොකදෑ මේ පැත්තේ
හැන්දෑ යාමෙ බලා ගෙදරින් පැන ගත්තේ

බුලත් කොරටුවේ ළපටි දළු පැහේ
මංගොට දැන් හරිම වැඩ වගේ
පොළට ගෙනල්ලා ලාඛෙට විකුණලා
ගෙදර එන්නෙ හිනා වැහි වැහී

මංගො නැන්දගේ දුව අංගො කුමාරි
ගිය සුමානේ පැනලා ගිහිල්ලා
ඇය හඩා වැළපිලා පොළවේ හැපී නැගිටලා
පලක් නෑනේ දැන් පසු තැවිලා

අහල පහල හැමෝම ඇගෙ කටට බය වෙලා
ඉන්නේ අයට දිනුම පවරලා
මාම ගෙදර ආව දාට ඈව හිර වෙලා
දහයට ගැන ගන්න බැහැ වගේ

මංගෝ කළු නැන්දේ …………